Wednesday, February 10, 2016

Justice Delayed is Justice denied යුක්තිය ප්‍රමාදවීම යුක්තිය පිටුදැකීමකි

යුක්තිය ප්‍රමාදවීම යුක්තිය පිටුදැකීමකි උසාවියේ දී තෝල්ක මුදලි නඩු අංකය සඳහන් කරමින් විත්තිකරුගේ නම සඳහන් කරයි. විත්තිකරු කුඩුවට පය තැබුවා පමනි. නීතිපති උපදෙස් සඳහා සිහි කැඳවීම, සහ නඩුව අගෝස්තු මසයට කල් දැමීමේ නිවේදනය තෝල්ක මුදලි මහ සඪින් පවසයි. නිමේශයකින් විත්තියේ නීතීඥතැන නැගිට විනිශ්චයකාර තුමා දෙසට හැරී “ ස්වාමීනි මෙම විත්තිකරු වසර පහක් තිස්සේ නීතිපති උපදෙස් නොමැති කමින් අපහසුතාවට පත්වෙනවා. විනිසුරු යමක් කියයි තෝල්ක මුදලි”” ඔබලාටත් හැකි දෙයක් මෙය ඉක්මන් කරවාගන්න කරන්න” . අංක දෙක , එවෑනිම තවත් නඩුවකි. එයත් නීතිපති උපදෙස් සඳහා සිහිකැඳ වීමකි. අගතියට පත් පාර්ශවයේ නීතිඥ මහතා “ ස්වාමීනි මෙම අගතියට පත් දැරිය වැඩිවිය පැමිණ විවාහවී දරුවෙකුත් ලබා සිටිනවා ඒත් තවම නීතිපති උපදෙස් නෑ ! උසාවිය මොහොතකට නිශ්ෂබ්දයි. තෝල්ක මුදලි ඊලණ නඩු අංකය සඳහන් කරමින් එයද කල් දමයි . හේතුව රස පරීක්‍ෂන වාර්තාව නෙැලබීමයි.එය සැක කටයුතු මරණයක් සම්භන්ධයෙනි. මරණ පරීක්‍ෂන වාර්තාව වසර දෙකක් පමණ ප්‍රමාදයි ! මේකද අප බලාපොරොත්තුවු යහ පාලනය !